කළණ සුව අතට

ජූලි 27, 2024
නිර්වින්දනය කිරීම හේතුවෙන් සිහිසුන්ව සිටි රිදියගම සෆාරි උද්යානයේ කළණ හස්තියා සුව අතට.
ඊයේ (06) දින ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පු වී තිබෙනවා.
ගල්ගමුවේ චන්ඩි ලෙස හදුන්වන තනි දළයක් හිමි හස්තියා මියගොස් තිබෙනවා.
නීති විරෝධී ලෙස ඇත් දළ අත්පත් කර ගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

සීතා ඇතින්නගේ සිරුරේ උණ්ඩ කැබලි 8 ක් ඇති බවට හඳුනා ගෙන තිබෙනවා. ඒ, ඊයේ සිදු කරන ලද පරීක්‍ෂණයක දී‍. එහෙත් ඒවා ජීව උණ්ඩ ද, රබර් උණ්ඩ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ‍.

පසුගිය 30 වැනිදා අලුයම 3.30 ට පමණ සීතා ඇතින්න වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මහියංගන පෙරහර අවසන්ව ගැටගසා තිබිය දී. වනඅලියෙකුයැයි සිතා වනජීවි නිලධාරින් වෙඩි තැබීම සිදු කර තිබුණා. වෙඩි වැදීමට ලක් වූ සීතා ඇතින්න, ඊයේ පරීක්‍ෂණ තුනකට ලක් කෙරුණා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු‍ වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද්, වනජිවි දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ, දෙහිවල ස‍ත්වෝද්‍යානයේ පශු‍ වෛද්‍ය මධූෂා පෙරේරා, ශ්‍රී දළදා මාළිගාවේ පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායම ඇතින්න සම්බන්ධ පරීක්‍ෂණවලට ඊයේ එක්වුණා. මෙහිදී, ඇතින්නට එක්ස්රේ, ස්කෑන් සහ තමල් ඉමෙජින් යන පරීක්‍ෂණවලට ලක් කර තිබෙනවා. ඊට අවශ්‍ය උපකරණ සහ පහසුකම් සපයනු ලැබුවේ, වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවයි.

සිවිල් ආරක්‍ෂක භටයා වෙඩි තැබීමි සිදු කළ ස්ථානය පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ නිරීක්‍ෂණයට ලක් වුණා. පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබුණේ, උණ්ඩ 8 ක් ශරීර අභ්‍යන්තරයේ පවතින බවයි. කෙසේ වෙතත්, එම උණ්ඩ ජීව උණ්ඩ ද, රබර් උණ්ඩ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

 

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා රාත්රී තැපැල් දුම්රියේ වන අලියෙකු ගැටී මියගොස් තිබෙනවා.

කැකිරාව, පලුගස්වැව ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ගැබිනි ඇතින්නක් මියගොස් තිබෙනවා.

‍තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු 'සක් සුරින්' හෙවත් 'මුතු රාජා' හස්තියා හෙට (02) යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින්.

‍අනපේක්‍ෂිත අනතුරකට මුහුණ පා සිටි මින්නේරිය රක්ෂිතයේ වනඅලියෙකු ඉන් නිරුපද්‍රිතව බේරා ගැනීමට වනජීවි නිලධාරීන් පි‍රිසක් සමත්වුණා.

දිඹුලාගල අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ ඊයේ (24) අලුයම පාළු වගාළිඳකට වැටීසිටි වන අලියෙකු වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් මුදා ගැනීමට සමත් වී ඇත.

Latest News