කළණ සුව අතට

ජූලි 07, 2024
    නිර්වින්දනය කිරීම හේතුවෙන් සිහිසුන්ව සිටි රිදියගම සෆාරි උද්යානයේ කළණ හස්තියා සුව අතට.

    කළණ හස්තියා රිදියගම සෆාරි උද්යානයේ සිටින 'ජෝ ආ' නැමති අප්රිකානු දළ ඇතා අතර පසුගියදා ගැටුමක් හට ගත්තා.

    එය මැඩ පැවැත්වීමට උද්යාන බලධාරීන් මැදිහත් වී කටයුතු කළ අතර 'ජෝ ආ' නැමති හස්තියා ගාල් කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.
     
    කළණ හස්තියා අල්ලා ගැනීම සඳහා නිර්වින්දනය කිරීමටයි සිදුව ඇත්තේ. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේද සහාය ලබා ගැණුනා.
     
    පළමු වර නිර්වින්දනය කිරීමෙන් අනතුරුව 'කළණ' හස්තියා සේවකයෙකුට පහර දී ඇති අතර ඔහු රෝහල්ගත කෙරුණා.
     
    'කළණ' ගාල් කිරීම සඳහා අවස්ථා තුනකදී නිර්වින්දන බෙහෙත් එන්නත් කිරීමට සිදු වූ බවයි සෆාරි උද්යාන බලධාරීන් පවසන්නේ.
     
    කෙසේ වෙතත් ඉන් පසු 'කළණ' ඇද වැටී ඇති අතර ඉන් පසුව පශුවෛද්යවරු සේලයින් ඇතුළු ප්රතිකාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.
     
    මීට ටික වේලාවකට පෙර 'කළණ' දොඹකරයක ආධාරයෙන් නැගී සිට ඇති බවයි වාර්තා වන්නේ.
     
    අප කළ විමසීමකදී දැන ගන්නට ලැබුණේ මේ වන විට 'කළණ' හස්තියාගේ සෞඛ්ය තත්වය යහපත් මට්ටමකට පැමිණෙමින් තිබෙන බවයි
    .
    දෙවිනුවර දේවාලයට අයත්ව සිටි 'කළණ' හස්තියා දිගුකලක් එකම ස්ථානයක ගැට ගසා සිටි අතර පසුව හිටපු රාජ්ය අමාත්යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් රිදියගම සෆාරි උද්යානයට රැගෙන ගියා.
     
    ලංකාවේ හීලෑ අලි අතර උසම හස්තියා ලෙස සැලකෙන 'කළණ' තරමක් දරුණු ගති ඇති හස්තියෙක් වේ.

    Latest News