චණ්ඩි මිය යයි

ජූලි 05, 2024
    ගල්ගමුවේ චන්ඩි ලෙස හදුන්වන තනි දළයක් හිමි හස්තියා මියගොස් තිබෙනවා.
    කළක සිට විවිධ රෝගාබාධවලට ලක්ව සිටි මෙම හස්තියාට අවස්ථා රැසකදී ප්රතිකාර කෙරුණා.
     
    ගල්ගමුව ප්රදේශයෙන් මාඳුරු ඔයට සහ හොරොව්පතානට රැගෙන ගිය මෙම හස්තියා නැවත ගල්ගමුවට පැමිණීම නිසා ඒ පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවුණා.
     
    මිය ගිය චණ්ඩි හස්තියාගේ සිරුර අද සොයා ගැනුණේ ඇහැටුවැව, කඳුරුවැවේ තිබියදී. මරණයට හේතුව මේ දක්වා අනාවරණය වී නැහැ.

    Latest News