රාජ්‍ය සේවකයන්ට උපරිමය වසර 5 ක කාලයකට යටත්ව වැටුප් රහිත නිවාඩු...

සැප් 06, 2022

    රාජ්‍ය සේවකයන්ට උපරිමය වසර 5 ක කාලයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 

    ඊට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවුණා.  පසුගිය ජුනි 13 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණා.  එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටයි මෙමගින් අනුමැතිය හිමි වුණේ. 

    Latest News