රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂයණයට කමිටුවක්...

සැප් 06, 2022

    ‍‍රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය අධීක්‍ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා  ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා කමිටුවක් පත් කර තිබෙනවා.

    ඒ, 2022 අතුරු අයවැය යෝජනාවකට අනුවයි.මහා භාණ්ඩාගාරයේ නියාමක ජනරාල් රම්‍යා කාන්ති මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇති මෙම  කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ,  රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  එස්. යූ. චන්ද්‍රකුමාරන් සහ රාජ්‍ය ව්‍යසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  ජේ එම් එස් එන් ජයසිංහ යන මහත්වරුන්. අබලි ද්‍රව්‍ය නියමිත වේලාවට බැහැර නොකිරීම හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වන බවට  හඳුනා ගෙන තිබෙනවා. එවැනි ද්‍රව්‍ය හේතුවෙන් කාර්යාල පරිශ්‍රයන්හි මෙන්ම රාජ්‍ය ගොඩනැගිලිවල ඉඩකඩද අනවශ්‍ය ලෙස අවහිර  වී තිබෙනවා. ඒ අනුව, ලබන දෙසැම්බර් 5 වැනි දින හෝ ඊට පෙර එම බැහැර කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතයි.

    Latest News