හෙට කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

සැප් 02, 2022

    ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 8.00 සිට අනිද්දා අලුයම 2.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට එලෙස පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

    අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටු වන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

    Last modified on සිකුරාදා, 02 සැප්තැම්බර් 2022 10:44

    Latest News