මෙරට එන්නත්කරණය වේගවත්ව සිදුවන බවට යුනිසෙෆ් සංවිධානයේ ප්‍රසාදය (වීඩියෝ)

අගෝ 26, 2021
  • මෙරට සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත් හා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතාගේ හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග් මහතාගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

    ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළ ජගත් පැසසුමට ලක්වෙමින් පවතින බවයි ඔවුන් පවසන්නේ. කොවැක්ස් වැඩසටහන යටතේ ජපන් ආධාර මත යුනිසෙෆ් සංවිධානය සහ ජපාන තානාපති කාර්යාලය එක්ව මෙරට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය.

    එම පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය. එම පරිත්‍යාගය ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී නිල වශයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය.

    එන්නත් ප්‍රවාහන මෙවලම් 750ක්, එන්නත් බහාලුම් ශීත පෙට්ටි 300ක්, ශීතදාම ආරක්ෂක ශීතකරණ 100ක් හා ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ස් තොගයක් ඊට අයත්.

    ජපන් රජය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය වසරේ දී පමණක් ඩොලර් මිලියන 16.2ක පමණ මුදල් වැය කර තිබේ.

    ඉදිරියේ දී ද මෙරට සෞඛ්‍ය සේවාව සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බව ද සුගියාමා අකිරා මහතා ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 අගෝස්තු 2021 18:04

    Latest News