ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණ දෙන අතිශය දරුණු අර්බුදකාරි තත්වය දකුණු ආසියාවටම කෙරෙන අනතුරු ඇඟවීමක් බව ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින්, යුනිසෙෆ් සංවිධානය සඳහන් කර තිබුණා.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව, යුනිසෙෆ් සංවිධානය පවසනවා.

මෙරට සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත් හා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සුගියාමා අකිරා මහතාගේ හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කෝග් මහතාගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි.

Latest News