ගාලුමුවදොර අරගලයට මාස 7ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්

නොවැ 10, 2022

    ගාලුමුවදොර අරගලයට මාස 7ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ගාලුමුවදොර අසල ඊයේ සංවිධාන කර තිබුණා.

    ඒ අරගලයට සම්බන්ධ පිරිස් සහ සිවිල් ක්‍රියාකාරින් එක්වයි.

    ඊයේ පෙරවරුවේ ගාලුමුවදොරට පැමිණි පිරිස සැමරුම වෙනුවෙන් නොයෙක් වැඩසටහන් සංවිධාන කර තිබුණා. පස්වරුවේ මියගිය අය වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කර, පහන් දැල්වීමට සැලසුම් කර තිබු අතර ඒ සඳහා ඔවුන් පෙළපාලියකින් බණ්ඩාරනායක පිළිරුව අසලට පැමිණියා. එහෙත් පොලිසිය එම කටයුතු සඳහා අවසර ලබා නොදුන් අතර එහිදි පොලිසිය සහ අරගලකරුවන් අතර උණුසුම්කාරි තත්වයක් ද හට ගැණුනා.

    මේ අතර, එම ස්ථානය අසලින් ගමන් කළ පිරිසක් විරෝධතාකරුවන්ට, විරෝධය පළ කරනු දක්නට ලැබුණා.

    අනතුරුව විරෝධතාකාරවන් ගාලුමුවදොර හෝටලය අසල එක් ස්ථානයක ඉටිපන්දම් දල්වා, අරගලයෙන් මිය ගිය අය සැමරීමට පියවර ගත්තා.

    Latest News