ගාලුමුවදොර අරගලයට මාස 7ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ගාලුමුවදොර අසල ඊයේ සංවිධාන කර තිබුණා.

ගාලු මුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදි කර ඇති ස්ථානවලට, විරෝධතාකරුවන් රුපියල් ලක්ෂ 60 කට වැඩි අලාභ හානියක් සිදු කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

පසුගිය මැයි මස 25 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුවන් 8 දෙනෙකු ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද වරෙන්තු නිකුත් කළා.

කොළඹ, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රවේශ මාර්ගයේ පවතින බාධක ඉවත් කිරීමේ හදිසි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් ඉදිරිපත් කළ  ඉල්ලීමක් සලකා බැලීම ජුනි මස 13 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

Latest News