ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ඇරඹීමට සැලසුම්

අගෝ 18, 2022

    සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ඉන්ධන ආනයන සැලසුම පිළිබඳව සහ පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

    ඒ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ පිරිපහදුවේ නිළධාරීන් හා අමාත්‍යවරයා සමග ඊයේ (17) පැවති සාකච්ඡාවකදී.

    මෙම සතිය අවසන් වන විට එම අවශ්‍යතා වෙනුවෙන් ඇනවුම් තීරණය කර එම ක්‍රියාවලිය මගින් ඉන්ධන සහ බොරතෙල් අඛණ්ඩව ලබා ගැනීමේ ගිවිසුම් අවසන් කරන ලෙස දන්වා සිටියේය.

    කාලයකට පෙර ඇනවුම් සහතික කිරීමෙන් ආනයන පිරිවැය අඩු කර ගැනීමට සහ පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Latest News