මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

අගෝ 11, 2022

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (11) දින පස්වරු 7.35 ට එලඹෙන සුබ නැකතින් ගමන්  ආරම්භ කිරීමට නියමිතයි.

    දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කෙරෙන පෙරහර මධ්‍යම රාත්‍රිය පමණ වනවිට රජ වීදියෙන් ගෙවැදීමට නියමිතයි.

    අවසන් මහා ඇසළ පෙරහර පූර්ණ වශයෙන් මහනුවර නගරය ආවරණය වනසේ වීදි සංචාරය කරන අතර ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහරට මෙන්ම නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි සිව් මහා දේවාල පෙරහරට ද විශේෂ සංස්කෘතික හා කලා අංග එක් කොට තිබේ.

    මේ අතර හෙට දිනයේ දියකැපීමේ මංගල්‍ය ගැටඹේ තොටේදී සිදු කෙරේ.

    දහවල් පෙරහැර හෙට (12) වීථි සංචාරය කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රධාන නිලමේවරුන් විසින් සම්ප්‍රදායානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගන්වනු ඇති.

    Latest News