ප්‍රථම රන්දෝලි පෙරහර අද

අගෝ 18, 2021

    මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි. අවසන් කුඹල් පෙරහර ඊයේ ආරම්භ කෙරුණේ,පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතින්.

    පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර පෙරහර පැවැත්වෙන්නේ,ජන සහභාගීත්වයෙන් තොරවයි. ඊයේ අවසන් කුඹල් පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරනු ලැබුවේ නැදුන්ගමුවේ රාජා හස්තියායි.

    ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්දි රාජා සහ රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා දෑලේ ඇතුන් ලෙස ගමන් කළේය.

    පෙරහර දළදා වීදිය යටිනුවර වීදිය ඔස්සේ,රජ වීදියෙන් ඉහළට පැමිණ ගෙවදීම සිදු කෙරිණ.

    දියවඩන නිලමේ ලෙස ගමන් කළේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතායි.

    Latest News