රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරයි

ජූලි 31, 2020

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළේය.

    සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව, මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ, ජන සහභාගීත්වයෙන් තොරවයි. රන්දෝලි පෙරහැර ආරම්භ කෙරුණේ, පස්වරු 6.49ට යෙදුණු සුභ මොහොතින්.

    ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් නික්මුණු පෙරහැරේ, සධාතුක කරඩුව වැඩම කරවනු ලැබුවේ, සිංහරාජා හස්තියා විසින්. බුරුම රාජා හා මියන් රාජා දෑලේ ගමන් කළේය. මේ අතර, ආදිවාසීන් විසින් සාම්ප්‍රධානුකූලව ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙත මී පැණි පූජා කිරීම ඊයේ පෙරවරුවේ සිදු කෙරිණ. දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මේ අවස්ථාවට එක්විය.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 12:34

    Latest News