ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියක්

අගෝ 09, 2022

    ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

    එය ජනාධිපතිතුමාගේ යෝජනාවක්. දිළිඳු හා අවදානමට ලක්වූවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඊට අරමුදල් සපයනු ලබන්නේ, ආසියානු සංවර්ධන බැංකුවයි.

    මේ අතර, ජපන් රජයද ආසියානු සංවර්ධන බැංකුව හරහා අමෙරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක්ද ලබාදීමට නියමිතයි.

    ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් ස්ථාපිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටුවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොලට සැපයෙන බව තහවුරු කරමින් ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය විසඳුම් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීම එහි ප්‍රධාන අරමුණයි. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාව ස්ථාපනය කිරීමට නියමිතයි.

    Latest News