ජනපති රනිල්ට චෙක් ජනපතිගෙන් සුබ පැතුම්

අගෝ 09, 2022

    ‍‍වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වේවායි, ප්‍රාර්ථනය කරන බව, චෙක් ජනර‍ජයේ ජනාධිපති මයිලෝස් සීමන් මහතා පවසනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් සීමන් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

    ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමා ඇති මයිලෝස් සීමන් මහතා, සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අත්දැකීම් සහිත නායකයෙකු ලෙස වික්‍රමසිංහ මහතා අභියෝග සාර්ථකව ජයගනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි. චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව ‍‍අන්‍යෝන්‍ය අ‍වබෝධය සහ සහයෝගීතාවය මත සමීප මිත්‍රත්වයක් භුක්ති විදියි. සාම්ප්‍රදායිකව පැවතෙන එම යහපත් සබඳතා දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අඛණ්ඩව ගැඹුරින් වර්ධනය කර ගැනීම අපේක්ෂාව බවද, චෙක් ජනර‍ජයේ ජනාධිපති මයිලෝස් සීමන් මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබෙනවා.

    Latest News