කොවිඩ් ආසාදිතව ඊයේ මරණ 3යි

අගෝ 08, 2022

    කොවිඩ් ආසාදිතව ඊයේ තිදෙනෙකු මියගොස් ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසනවා.

    එම තිදෙනා අවුරුදු 60 ට වැඩි පිරිමි පුද්ගලයින්. කොවිඩ් රෝගීන් 184 දෙනෙකු ඊයේ වාර්තා වී තිබෙනවා.

    කොවිඩ් සිව්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන දිවයින පුරා අඛණ්ඩව මේ දිනවල පැවතැත්වෙනවා. මීට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාල මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

    කොවිඩ් සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩසටහන් මඩකලපුව නගර සභා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. මඩකලපුව නගර සභාවේ සේවකයන් සඳහා මෙම එන්නත ලබා දෙනු ලැබුවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය සේවකයින්ට ද එන්නත ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    Latest News