මන්දකට හසු වූ කඳුකර කොටියා මියයයි

අප්‍රේ 01, 2021

    රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා ඊයේ (31) දින මිය ගිය ඇති බව වාර්තාවේ.

    බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල තුල ඉකුත් 24 දින මන්දකට හසු වි සිටිය දී මෙම කඳුකර කොටියා මුදවාගෙන ති‍බිණ.

    මන්දට හසු වීම නිසා කොටියාගේ උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වි තිබිම කඳුකර කොටියා මියයාමට හේතුව බවයි වනජිවි පශු වෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා කියා සිටියේ.

    අවුරුදු 10 පමණ වයසැති අඩි 8 පමණ දිගකින් යුත් හොදින් වැඩුණු කඳුකර කොටියා පිරිමි සතෙකු වන අතර, බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේ රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට හසු වී තිබිණ. කොටියා මන්ද සවි කර තිබු මුගුරද සමග කඩාගෙනවිත් බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල ආසන්නයේ වැටි සිටියදි රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් විසින් කොටියා නිර්වින්දනය කර දැඩි පරිශ්‍රමයක් දරා මුදාගෙන තිබිණි. පසුව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් කොටියා බේරා ගැනිමට ප්‍රතිකාර ලබාදෙමින් දැඩි උත්සහයක නිරත වී ඇත.

    මිය ගිය කඳුකර කොටියා මන්දට හසු වු ප්‍රදේශයේ සහ රක්ෂිතය තුල දඩයම්කරුවන් විසින් අටවා තිබු මදු විශාල ප්‍රමාණයක් ගලවා ඉවත් කිරිමට නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සහ බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ සේවකයින් පසුගිය දා කටයුතු කර තිබුණි.

    Latest News