සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ඉදිරිපත් වු යෝජනා අද පක්ෂවලට

අගෝ 08, 2022

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වූ සියලු පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව තිබේ.

    දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා ඒ සම්බන්ධව සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා මෙලෙස පොදුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදීමට නියමිතය.

    සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ විවෘත ආරාධනයෙන් පසු සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.

    මේ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර මෙම සතියේ ද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාව හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිතය.

    නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරිම සඳහා සිය පක්ෂය සහය ලබානොදෙන බව ජාතික ජන බලවේගය පසුගිය දා ප්‍රකාශ කර කළේය.

    Latest News