බංගලාදේශ අගමැතිගෙන් ජනපතිට සුභ පැතුම්

ජූලි 28, 2022

    ‍‍‍‍බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබෙනවා.

    වත්මන් අභියෝග ජයගැනීමේ දී ශ්‍රී ලංකා - බංග්ලාදේශ සහයෝගීතාව බෙහෙවින් වැදගත් වන  බවයි, අගමැතිනිය ප්‍රකාශ කරන්නේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුල් අත්දැකීම් සම්භාරය, දැනුම හා දේශපාලනික පරිනත බව, ශ්‍රී ලංකාවට සාමය හා සමෘද්ධිය ගෙන ඒමේ වැදගත් සාධක බව, ෂෙයික් හසීනා මහත්මිය සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරනවා.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සිය තානාපති සබඳතා ස්ථාපනය කිරීමේ 50 වැනි වාර්ෂික සමුළුවද මේ වසරට යෙදී තිබෙනවා. ගෙවී ගිය අඩ සියවස තුළ ශ්‍රී ලංකාවත්, බංග්ලාදේශයත් සිය ඓතිහාසික සබඳතා ක්‍ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙන්ම, පොදු සමානතා මත පදනම්ව තහවුරු කිරීමට සමත් වූ බව, අගමැතිනිය පවසනවා.

    ඉදිරි කාලය තුළ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි, බංග්ලාදේශ නායිකාව ප්‍රකාශ කරන්නේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජූලි 2022 11:39

    Latest News