නව අගමැතිට චීන අගමැති‍ගෙන් සුබ පැතුම්

ජූලි 28, 2022

    දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සුබ පැතුම් පිරිනමයි. හෙතෙම පසුගියදා (26) වැනිදා එම සුබ පැතුම් පණිවුඩය යොමු කර තිබේ.

    චීනය හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයකි. දෙරට මිත්‍ර අසල්වැසි රටවල් වන අතර, උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් ද වන බව, ලී ක ච්‍යං මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි.

    දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගතවූ 65 වසර තුළ දෙපාර්ශ්වය සෑමවිටම අන්‍යොන්‍ය ගරුත්වය සුරකිමින් දේශපාලන විශ්වාසය අඛණ්ඩව තහවුරු කර තිබේ. එසේම, අන්‍යොන්‍ය ජයග්‍රහණ මත සහයෝගිතා පැවැත්වීමත්, අසීරුතා හා අභියෝගයන්ට එක්ව මුහුණදීමත් නිසා දෙරටේ සබඳතාව විධිමත් හා ස්ථිරව වර්ධනය වී ඇති බව ද චීන අගමැති‍වරයා කියා සිටී.

    ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන තාවකාලීක අසීරුතා වටහා ගනිමින්, ශ්‍රී ලාංකික ජනතාවට උපරිම සහාය ලබාදෙන බව ද හෙතෙම පවසා ඇත. දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ එක්ව, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තහවුරු කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දීමට අපේක්ෂා කරන බව ද චීන අගමැති‍වරයා ප්‍රකාශ කරයි.

    මේ අතර, චීන විදේශ අමාත්‍ය වං යී මහතා, මෙරට නව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාට ද සුබ පැතුම් පිරිනමා ඇත.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට 

     

    Latest News