කෝටි 05 මැණික් කොල්ලයට 05ක් අල්ලයි (වීඩියෝ)

මාර් 12, 2019

    මැණික් ගල් තුනක් මිලදීගන්නා මුවාවෙන් පැමිණ කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක්, පාතාල සාමාජිකයකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු කලුතර දිසා අපරාධ ඒකක විසින් අද (12) මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මැණික් ගල් තුනේ වටිනාකම රුපියල් කෝටි පහකට ආසන්නවේ.

    රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකු සතුව මෙම මැණික් ගල් විදේශීය කාන්තාවකට විකිණිමේ පොරොන්දුව මත හිඹුටාන ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම ව්‍යාපාරිකයාව කලුතර උතුර හෝටලයකට කැඳවා මැණික් කොල්ල කෑම සිදුකර ඇත. මතුගම ශාන් නමැති පාතාල සාමාජිකයාගේ සහෝදරයකුගේ සැලසුමකට අනුව ඔහුගේ බිරිඳක වන මොංගෝලියානු ජාතික කාන්තාවක මැණික් ගැනුම්කාරියක ලෙස යොදවා ඇති බවට පොලිසිය විසින් අනාරවණය කරගෙන තිබේ. මේ අනුව මෙම තොරතුරු මූලික පරීක්ෂණ වලදී හෙලීවු බව පොලිසිය පවසයි.

    අත්අඩංගුවට පත්වූව පිරිස අතර හිටපු හමුදා සෙබළෙකු ද වේ. සෙරන්ඩිබ් වර්ගයේ කැරට් 36.24ක් බර මැණික් ගලක්, ග්‍රෑම් 25.5ක් බර පුෂ්පරාග මැණික් ගලක්, ස්වාභාවික නිල් සෆායර් වර්ගයේ ග්‍රෑම් 10ක් බර මැණිකක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

    gem1 px 900 19 03 12

     

     

     

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 11:53

    Latest News