අද (14) මධ්‍යහ්න 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය...

ජූලි 14, 2022

    අද මධ්‍යහ්න 12.00 සිට හෙට අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

    මහජන ආරක්ෂික ආඥාපනතේ විධිවිධාන යටතේ, පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩබලන ජනාධිපතිවරයා විසින් අදාළ නියෝගය පනවනු ලැබ ඇති බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර, ඊයේ දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම 5.00 ට ඉවත් කිරීමත් සමග ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා.

    රට තුළ උද්ගතව ඇති තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිනීතිය පැනවීමට පියවර ගැනුණා. දිවයිනටම හදිසි නීතිය බලාත්මක කිරීමටද පියවර ගනු ලැබුවා. ඇඳිරිනීතිය අද අලුයම 5.00 ට ඉවත් කිරීමත් සමග සේවා කටයුතු සාමාන්‍ය තත්වයට පත්ව තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ‍දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ද උපරිම ධාරිතාවයෙන් යුතුව ගමනා ගමනයට යොදවා ඇති බව, එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා කියා සිටියා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ, පෞද්ගලික බස් රථ ද උපරිම ප්‍රමාණයක් ධාවනය කිරීම පියවර ගෙන ඇති බවයි.

    Latest News