හපුතලේ දී ඩීසල් බවුසරයක් පෙරළෙයි

ජූලි 11, 2022

    ‍‍ත්‍රිකුණාමලය තෙල් පර්යන්තයේ සිට හපුතලේ ඛනිජ තෙල් තොග ගබඩාව වෙත ඩීසල් ලීටර් තුන් ලක්ෂ 30,000 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක්, අද අලුයම හපුතලේ නගරය ආසන්නයේ දී පෙරළී තිබේ.

    බරපතල තුවාල ලැබූ රියදුරු,  දියතලාව රෝහලට ඇතුළත්  කෙරිණ.

    බවුසරය, මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙනුයි, අනතුර සිදුව ඇත්තේ. ඩීසල් මාර්ගය හරහා ගලා යමින් පවතින අතර, ඒවා එකතු කර ගැනීමට විශාල පිරිසක් උත්සහ දරමින් සිටින බව, අප වාර්තාකරු පවසයි.

    හපුතලේ පොලීසිය මෙම ස්ථානයට ආරක්ෂාව සපයා ඇති අතර, බවුසර් රථයේ ඉතිරි ඩීසල් වෙනත් බවුසර් රථ වෙත මාරු කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටියි. බවුසරයට දැඩි හානි සිදු වී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Latest News