තැපැල් කාර්යාල සේවය දින 3කට සීමාවෙයි

ජූනි 29, 2022

    ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උප තැපැල් කාර්යාල ‍ජුලි 10 දක්වා සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව, සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ්‍රහස්පතින්දා දිනවල දිවයින පුරා පිහිටා ඇති තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා මහජන සේවාවන් පවත්වාගෙන යන බවයි, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    විවිධ ආකාරයේ ගෙවීම්, මහජන ආධාර , වැඩිහිටි දීමනා ලබාදීම, දේශීය හා ජාත්‍යන්තර තැපැල් මගින් ලැබෙන භාණ්ඩ බෙදාහැරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් ද මෙම දිනයන්හිදී ක්‍රියාත්මක බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.

    Last modified on බදාදා, 29 ජූනි 2022 11:09

    Latest News