ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උප තැපැල් කාර්යාල ‍ජුලි 10 දක්වා සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙක් විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය මැයි 04 සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා (19) අලුයම වන තැපැල් කාර්යයාල වෙත ලැබී තිබේ.

Latest News