සති 03ක් යන තුරු විදුලි කප්පාදුව පැය 3ක් පමණයි

ජූනි 28, 2022

    ඉදිරි සතියක පමණ කාලයක් සඳහා විදුලි කප්පාදුව පැය තුනක මට්ටමේ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා විදුලි මණ්ඩලය සතුව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 

    සතියකින් පසු එළඹෙන කාල සීමාවේදීද විදුලි කප්පාදුව පැය තුනකට පමණක් සීමා කිරීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

    ඒ අනූව, අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.


    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි


    M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)

    • උදෑසන කාලයේ : පැය 3 යි


    CC කලාප සඳහා ( Colombo City Commercial Zones)

    • උදෑසන කාලයේ : පැය 2 යි



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Power Cut

    මේ අතර, යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් විමසුම සඳහා අද ප්‍රසිද්ධියට පත් කෙරේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ එම යෝජනාවලිය සම්බන්ධයෙන් අද සිට දින 21ක් ඇතුලත මහජනතාවට යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කල හැකි බවයි.

    Latest News