නව අමාත්‍යාංශ දෙකක් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක්

ජූනි 10, 2022

    නව අමාත්‍යාංශ දෙකක් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.



    එම ගැසට් නිවේදනයට අනුව නව අමාත්‍යාංශ දෙක තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ලෙස නම් කර ඇත.

    තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 15 ක් ඇතුළත් වේ.

    මේ අතර කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15 ක් ඇතුළත් වන බවයි වාර්තා වේ.

    එම නිවේදනය පහතින්

    2283-34_S.pdf

    Latest News