21 වැනි සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

ජූනි 06, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වැනි සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මෙම කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර සියලූ දේශපාලන පක්ෂ නායකයින්ගේ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට නැවත ඉදිරිපත් කිරීමට එහිදී තීරණය කර තිබිණ.

    මෙම කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කිහිපයක් පැවති අතර එහිදී ඉදිරිපත්වූ සංශෝධන යෝජනා ද ඇතුළත්කර නව කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News