මත්පැන් මිල ඉහළට

ජූනි 02, 2022

    වැට් බදු ඉහළ දැමීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් සමාගම් තීරණය කර තිබේ.

    අදාළ සංශෝධිත මිල ගණන් එම සමාගම් විසින් මේ වන විට සුරා බදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙමින් ඇති බවයි, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරන්නේ.

    මත්පැන් මිල අදාළ සමාගම් වෙත තීරණය කළ හැකි බවත් වැට් බද්ද 8% සිට 12% දක්වා ඉහළ දැමීමත් සමඟ සමාගම් විසින් මිල සංශෝධනය කර ඇති බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 11:05

    Latest News