"සේනා" කළ හානියට ගොවීන්ට අද සිට වන්දි

මාර් 09, 2019

    සේනා දළඹු උවදුර හේතුවෙන්වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ගෙවීම අද (10) අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරැඹේ. 

    කෘෂිකර්ම ඇමැති පී.හැරිසන් මහතාගේ පූර්ණ උපදේශකත්වය යටතේ සිදු කෙරෙන මෙම වැපිළීවෙළ කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සිදු කෙරේ.

    සේනා දළඹු වගා හානි වන්දි පිරිනැමීමේ ප්‍රථම අදියර යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ 100%ක් වගා හානි සිදුවූ ගොවීන් 307කට වන්දි පිරිනැමේ.

    අම්පාර දිස්ත්‍රික්කයේ මේ යටතේ වගා හානි හිමිවන වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 167 කි.අක්කරයකට රුපියල් 40,000 බැගින් පිරිනැමීමට කෘෂිරක්ෂණ මණ්ඩලය කටයුතු යොදා ඇත.මේ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250 කි.

    අනුරාධපුරය,අම්පාර,මොණරාගල ,කුරුණැගල,ත්‍රිකුණාමලය ,යාපනය දිස්ත්‍රික්කවල සේනා වගා හානි පිළිබඳව වාර්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සකසා තිබිණි.

    සේනා දළඹු උවදුර මේ වන විට සාර්ථකව පාලනය කර ඇති බැවින් යල කන්නයේබඩ ඉරිඟු වගාව යළි නොබියව ආරම්භ කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.මේ අනුව ඉදිරි යල කන්නයේ හෙක්ටයාර 15,000ක භුමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කිරීමට අපේක්ෂිතයි.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 07:59

    Latest News