අටලුගම දැරිය ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මැයි 30, 2022
  • බණ්ඩාරගම, අටලුගම ෆාතිමා අයේෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා දින 02ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබෙනවා.

    සැකකරු, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු මේ නියෝගය ලබාදී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි අටලුගම, මුස්ලිම්කොලනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන අතර බිරිඳ ගැබිණියක් වේ. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මහ රෝහලේදී අද සිදු කෙරුණා.

    Latest News