විභාගශාලා සඳහා යොදා ගන්නා සියලූම පාසල්වල විදුහල්පතිවරුන් ද පාසල්වලට වාර්තා කර විභාගශාලා සකස් කර ගැනීමේ රාජකාරී සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසට විභාග කොමසාරිස්වරයා දැනුම් දී ඇත.
විභාග ශාලාධිපතිවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නිර්දේශ අනුව විභාගශාලා නිරීක්ෂණ කටයුතු සදහා නම් කරනු ලබන ගුරු මහත්ම මහත්මින් ද විභාග ශාලාධිපතිවරුන්ගේ කැඳවීම මත අදාළ රාජකාරි සඳහා වාර්තා කළ යුතු වෙයි.
ඉන්ධන අරපිරිමැස්ම උදෙසා මෙවර නිරීක්ෂක උපදෙස් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදන ලෙස උපදෙස් දී ඇති අතර වෙනත් අත්‍යවශ්‍ය කරුණක් වෙතොත් මැයි 23 වැනි සදුදා දින විභාගය ආරම්භ කිරීමට ප්‍රථම දැනුම්දීමට කටයුතු කළ යුතුවෙයි.