හිටපු අගමැති, ජොන්ස්ටන් ඇතුළු 17කට විදෙස් ගමන් තහනම්

මැයි 12, 2022
    ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව  හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ  විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
    ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහද ගම, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය මෙසේ විදේශ ගමන් තහනම් කෙරුණු පිරිසට ඇතුළත් වෙයි.
    මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය. 
    මෙම පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග නිකුත් කළේය.
     
     

    Latest News