ලබන 17 පාර්ලිමේන්තුව රැස්වීමේ වෙනසක් නැහැ

මැයි 12, 2022

    පසුගිය මැයි 6 වැනිදා පැවති පාර්ලිමේන්තු රැස්වීම, එළඹෙන 17 වැනිදා තෙක් කල් තැබීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.

    රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සළකා බැලීම පිණිස පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමේ වැදගත්කම පක්ෂ නායකයින් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පෙන්වා දෙන ලද බව මෙහිදී කථානායකවරයා විසින් විශේෂයෙන් සඳහන් කරයි.

    ඒ අනූව මැයි 17 පාර්ලිමේන්තුව කැඳවීමේ තීරණයෙහි කිසිඳු වෙනසක් නොවන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

    Latest News