අගමැති ධුරයට යෝජනාවූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ - මෛත්‍රී

මැයි 12, 2022

    ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරුන් සහ ස්වාධීන පක්ෂ 11 නියෝජනය කරන කණ්ඩායම ඊයේ රැස්වී නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා කරනු ලැබීය.

    එම නම් ජනාධිපතිවරයා වෙත මේ වන තෙක් කිසිඳු ආකාරයකින් ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම සහ නිමල් සිරිපාල ද සිල්වාගේ නම් අග්‍රාමාත්‍ය ධුරය සදහ එලෙස යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ සිදුවිය. අග්‍රාමාත්‍ය ධුරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට මන්ත්‍රීවරුන් 150 දෙනෙකු එකගතාව පළ ඇති බවද වාර්තා වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මැයි 2022 12:04

    Latest News