විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

මැයි 12, 2022

    විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    ඊයේ (11) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම සූම් (Zoom) ඔස්සේ පැවති අතර එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

    ඒ අනූව අගමැතිවරයා පත්කර කැබිනට් මණ්ඩලය වහාම ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමට පක්ෂ නායකයින් විසින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද සඳහන් වෙයි.

    එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද පක්ෂ නායකයින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    Latest News