මෛත්‍රීගේ පෙත්සමට දින නියම වෙයි

ජූලි 10, 2024
    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    Latest News