ලාල් කාන්ත ඇප මත නිදහස්

මාර් 07, 2019

    අනුරාධපුර බන්ධනාගාරය අසළ දී කාන්තාවන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්තට ඇප ලබා දී තිබේ.

    ලාල් කාන්ත මහතා සිය කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී අනුරාධපුර-කුරුණෑගල මාර්ගයේ අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේ යතුරු පැදියක ගැටීමෙන්  කාන්තාවක් සහ දැරියක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කෙරිණ. මෙම අනතුර සම්බන්ධයෙන් මාර්තු පළමු වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ මස 14 තෙක්  රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කෙරිණ.

    මේ අනුව අද දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් ඇප අයැදුම් පතක් ඉදිරිපත් කර ඇත. කරුණු සලකා බැලූ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් එන්. ටී. හේමන්ත පුෂ්පකුමාර මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප නියෝග නිකුත් කෙරිණ. අනතුරින් තුවාල ලැබූ එක් කාන්තාවකට රුපියල් ලක්ෂය බැගින් කාන්තාවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 2ක් පිරිනමා තිබේ. නඩුව නැවත මේ මස 14 වෙනිදා කැඳවීමට නියමිතයි.

    Latest News