2009 වසරේ කොටහේන සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.
මෙම පැමිණිල්ල අද(07) කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි. පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් දෙදෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලිසියට නියම කර තිබේ.