සීගිරියේ පානීය ජල ගැටලුවට "පින" ගෙන් විසඳුමක් (ඡායාරූප)

ඔක් 29, 2018

    සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සදහා පානීය ජල ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට පත් කිරීම අද (29) සිදු විය.

    දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ සීගිරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් නාවික හමුදාව සහ ජාත්‍යන්තර "පින " නම් වූ සංවිධානය එක්ව මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

    "පින" ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය අරුණ අබයගුණවර්ධන මහතා සහ ජාතික සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්ය යුටා අබයගුණවර්ධන මහත්මිය විසින් නාවික හමුදාවේ සහයෝගය ඇතිව වකුගඩු නිවාරණ ජනාධිපති ඒකකයේ මැදිහත් වීමෙන් මෙම ජල පිරිපහදු ඒකක සහ පානීය ජල ඒකක විවෘත කිරීම සිදු කෙරිණි.

    නාවික හමුදාව සඳහන් කරන්නේ මෙම ස්ථානයේ සේවයේ යෙදී සිටින නාවික හමුදාවේ සෙබළුන් ජල ලීටර් දහ දහසක් ප්‍රමාණයක් පිරිපහදු කොට සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් හට පානීය ජලය ලබා දෙන බවයි.

    1982 දී ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති සීගිරිය, ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හදුන්වාදිය හැකිය.

    තවමත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සීගිරිය බලන්නට එන්නේ සියයට 22 ක්‌ පමණි. මේ තත්ත්වය වහාම වෙනස්‌ කරගෙන ශ්‍රී ලංකාවට එන විදෙස්‌ සංචාරකයන්ගෙන් වැඩි පිරිසක්‌ සීගිරිය බලන්නට එන තත්ත්වයට අප පරිවර්තනය කර ගැනීම සංචාරක කර්මාන්තය පැත්තෙන් ඉතා වැදගත් ය. දැනට සීගිරිය බැලීම සඳහා විදෙස්‌ සංචාරකයකුගෙන් ඩොලර් 30 ක මුදලක්‌ අය කරයි. සීගිරියේ සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කර දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අයකරන මුදලට සරිලන සේවයක්‌ ඔවුන්ට සැලසීමත් මෙම ජල ව්‍යාපෘති දෙක මගින් සිදු වේ.

    මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස උතුරුමැද පළාත් නාවික ආඥාපති එම්. එම්. එච්. ගමගේ මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘතියේ ඉහළ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ‍ෙමධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකරු මේජර් එන් .ඒ .ඒ .ඒ .නිශාන්ත මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම ජල පිරිපහදුව ලබා දීම විශේෂත්වයකි.

    sigiriya1 px 900 18 10 29

    sigiriya2 px 900 18 10 29

     

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 16:07

    Latest News