ඉන්ධන ප්‍රමිතියේ වෙනස්කම් දැනුම් දෙන්න දුරකථන අංක 2ක්

මැයි 03, 2022

    ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනූව, 011-5234234 හෝ 011-5455130 යන අංක වෙත එම ගැටළු සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දිය හැකියි.

    ප්‍රදේශ කිහිපයකින් ඉන්ධනවල පවතින ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Latest News