ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල, නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල සාම්පල ලබාගෙන මේ වනවිටත් පරික්ෂණාගාර වෙත යවා ඇති බව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Latest News