"ආවා" සැමරූ 16ක් අත්අඩංගුවට...

මැයි 02, 2022

    වවුනියාව - ඕමන්ත පුලියන්කුලම ප්‍රදේශයේදී "ආවා" නමැති කල්ලිය වෙනුවෙන් ඊයේ සැමරුමක් පැවැත්වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ලද තොරතුරකට අනුව, වැටලීම කරන ලද්දේ, පුලියන්කුලම පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරින් විසින්. ඔවුන් මෙය හඳුන්වාදී තිබුණේ, "වවුනියාව දිස්ත්‍රික් පළමු සැමරුම" ලෙසයි. 40 දෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර, වැටලීම කරන අවස්ථාවේ පිරිසක් පලා ගොස් තිබුණා. එම ස්ථානයේ තිබී ජාතිවාදී පාඨ රැගත් බැනර් රැසක් ද පොලිස් භාරයට ගැනුණා. අප වාර්තාකරු සඳහන් කළේ, සැකරුවන්, අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබූ බවයි.

    Latest News