පුද්ගලයෙක්ට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථයට ගිනි තබයි (වීඩියෝ)

මැයි 02, 2022
  • කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (01) සවස 6.30ට පමණ එම අනතුර සිදුවූ අතර එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ යතුරු පැදිකරු එම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

    අනතුරින් පසුව ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් පිරිසක් ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට ගිනි තැබීමට කටයුතු කර තිබේ.

    ඩිෆෙන්ඩර් රථයේ රියදුරු මේ වන විට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Last modified on සදුදා, 02 මැයි 2022 19:22

    Latest News