ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි

අප්‍රේ 30, 2021

    පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ( 30) තීරණය කර තිබෙනවා.

    ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වනුයේ ලබන 04 වෙනිදා අඟහරුවාදා සහ 05වෙනි බදාදා පමණයි.

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්වුණු අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

    Latest News