ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් තවත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

අප්‍රේ 22, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා යෝජනාවක් භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

    ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු 40 දෙනාගේ කණ්ඩායම විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

    ඒ අනුව 20 වන ව්‍යාවස්ථා සංශෝධනයේ ඇති දෝෂ ඉවත් කර සහ 19 සංශෝධනයේ ඇති යහපත් කාරණා එක්කොට මෙම 21වන නව සංශෝධන යෝජනාව ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

    ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගේ සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ අවධානය යොමු කරන ලෙස සහ සහයෝගය බලාපොරොත්තු වන බව ඔහු ඒ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියා.

    මේ වන විට සමගි ජන බලවේගය පක්ෂයත් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ ව්‍යාවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් කථානායකවරයා පැවසුවේ අදාළ සියලු යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමුකෙරෙන බවයි.

    Latest News