ශ්‍රී ලංකන් ඩොලර් මිලියන 1.7 ක ලාභයක් උපයයි

අප්‍රේ 19, 2022

    2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ කාර්තුව තුළ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ඩොලර් මිලියන 1.7ක ලාභයක් වාර්තා කර ඇති බව එම සමාගම නිවේදනය කරයි. 

    2006 වසරේ සිට මේ දක්වා කාලය තුළ මුදල් වර්ෂයක සිව්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ගුවන් සේවය ලාභයක් වාර්තා කර ඇත්තේ පළමු වරට බවයි එම සමාගම සඳහන් කරන්නේ. 

    කොරෝනා වසංගතයේ බලපෑම යටතේ වුවද මෙවැනි ලාභයක් වාර්තා කිරීම විශේෂත්වයක් බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.  

    Latest News