IOC ඉන්ධන මිල යළි ඉහළට

අප්‍රේ 18, 2022

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (IOC) අයත් ඉන්ධනවල මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

    ඒ අනූව, සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 35කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමටයි, තීරණය කර ඇත.

    ඒ අනූව ඉහළ දැමුණු මිල ගණන්වලට අනූව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 367ක්. ඉයුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල 347ක් වෙයි.

    ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327ක් වෙයි.

    ලංකා IOC සමාගම පසුගිය මාර්තු 26 වැනි දින ද මිල සංශෝධනයක් සිදුකළ කළ අතර එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දැමිණ. 

    Last modified on සදුදා, 18 අප්‍රේල් 2022 10:10

    Latest News