විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට අගමැතිගෙන් ආරාධනා

අප්‍රේ 13, 2022

    ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම් සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

    ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතයි.

    මෙම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

    මේ වනවිට විරෝධතාකරුවන් පස්වන දිනයටත් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වේ.

    දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වනදා මෙම විරෝධතාව ආරම්භ කෙරුණේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා සඳහා වෙන් කර ඇති භූමියේ කූඩාරම් ද සවි කර ගනිමින්.

    Latest News